Sunday, September 19, 2010

Can you help me || ඔයාට පුලුවන්ද මට උපදෙසක් දෙන්න

මම ඉන්නෙ ගොතටුවේ මම ඉන්න ගෙදර හතරවටේම සද්ද බද්ද වැඩි ඉතින් මම කල්පනා කරා ටිකක් නිදහස් පදිංචියට සුදුසු තැනකික් ඉඩමක් ගන්න මට ඔය ඉඩම් කඩම් ගැන හරි හැටි දැනීමක් නැති කමත් ගොඩක් සල්ලි බාගේ නැති නිසාත් හැමදාම පදින්චිය මාරැ  කරන්න බැරි නිසාත් ඔයාගෙන් අහල බලල හොද තැනකින් ඉඩමක් ගන්න හිතුව ඉතින් කියනවද පදින්චිය සදහා නිවසක් හදන්න ගන්න ඉඩම සහ යටිතල පහසුකම් මොනවගේ වෙන්න ඔනද  සහ අපි ඉඩමක් ගැනීමේදි සැලකිලිමත් විය යුතු කරැනු මොනවාද

Saturday, September 18, 2010

"දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග"

"දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" මේ කතාව අපේ මුතුන්මිත්තෝ කට කහනවට කියපු කතා නෙමෙයි, අපි දන්න කියන පුද්ගනයන් අතරමන් උන හැටි අපිට මතක් වෙද්දි මේ කතාව හරි කියල මොනවට ඔප්පු වෙනව නේද?. දන්න කියන අය විතරක් නෙමෙයි අපිත් කොයිතරම් දේවල්වලට අහුවෙලා, රැවටිලා, අතරමන්වෙලා අත්ද? නේද?. මේ හැම දේකටම ප්‍රදාන හේතුවක් තමයි හරි තොරතුරැ හා උපදෙස් නොමැති කම. වැඩේ කියන්නේ ලැබෙන සමහර තොරතුරැ හා උපදෙස් නිසාත් මිනිස්‍සු (ඒ කියන්නෙ අපි හැමෝම) අහුවෙලා, රැවටිලා, අතරමනවෙලා සමහර වෙලාවට ජීවිත නැතිකරගන්න තැනටම යන තරමට ප්‍රශ්න දුරදිග යනවනේ.ඉතින් අපි හිතුව බොලොග් අඩවිත් නොමිලේම ලැබෙන එකේ සිංහල බොලොග් අඩවි වලටත් හොද අනාගතයක් තියනව කියන දැනුන එකේ (අන්තර්ජාලය තුල සිංහල කම ඉස්මතු කරන්න ඉදිරියට ගේන්න දරපු සහ දරන උත්සහාය වෙනුවෙන් මේ අවස්තාවේදි අපි සිංහල බොලොග් සංසදයට , ලාංකීය සිතුවිලි වෙබ් අඩවියට ,සින්ඩිය වෙබ් අඩවියට , සස්රැත සෙවුම් යන්ත්‍රයට සහ නම් කියවුනු සහ නොකියවුනු දන්නා සහ නොදන්න සෑම සියලු දෙනාටම ස්තුතිවන්න වෙනවා  )ඔබ මුහුන දෙන ඕනෑම ගැටලුවකට හරි තොරතුරැ හා උපදෙස් නොමිලේ ලබාදෙන්න . මේක කරන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම තියනව එකක් තමයි අපි සහ ඔබ මෙතුවක් කාලයකට අහුවෙලා, රැවටිලා, අතරමනවෙලා තියනවනම් අපිට ඔබට තේරෙනවනම් අපි අහුවුනා, රැවටුනා ,අතරමන් උනා කියල අපි ඔබ කැමතිනම් ඒ කතාව හැමෝටම කියන්න (කාටද ,කොහොමද ,අහුවුනේ රැවටුනේ අතරමන් උනේ කියල) ඒ කතාව කියවන අයට පුලුවන් වේවි එය අත්දැකීමකට අරන් ජීවත් වෙන්න දෙවෙනි ක්‍රමය තමයි අපි ඔබ යමක් කරන්න කලින් කරන්න යන දෙ ගැන අපිට කියන්න අපි ඔබට කරන්න යන දේ හරියට කරන්න උපදෙස් දෙන්නම්  උදාහරනයක් විදිහට කියනවනම් හිතන්නකො ඔයාට සල්ලි ටිකක් හම්බ වෙලා ඉඩමක් ගන්න යනව කියල ඒ වගේ වෙලාවක ඔයා සැලකිලිමත් වියයුතු කරැනු කාරන අපි කියල දෙන්නම්  ඇත්තටම අපි අපි කිවුවට තවම මම විතරයි ඉන්නෙ මේ බොලොග් අඩවිය ලියන්න ඒ උනාට මම දන්නව හොද වැඩක් කරද්දි හොද මිනිස්සු එකතු වෙන විත්තිය තවම වැ‍ඩේ පටන් ගත්තා විතරනේ වැඩේ කරගන යද්දි අපේ බොලොග් අඩවියටත් සම්පත් දායකයෝ එකතු වේවි එයාලා අනිත් අය‍ට තොරතුරැ හා උපදෙස් දේවි එයාලාට අවශ්‍යය තොරතුරැ හා උපදෙස් ඔයාලා දේවි  අපි අපි එකතු වේවි අන්තිමට අපි හැදේවි  මොකද මම මෙහෙම කියන්න හේතු අපි හැමෝම වෙන අය නොදන්න මොකක් හරි දෙයකට දක්ෂයි ඉතින් අපි අපිටම උපදෙන් දෙන්න පුලුවන් වේවි

                                                      අපිට ජය වේවා

ලිපියේ වැරදි අඩුපාඩු තියනවනම් පෙන්වා දෙන්න කරන්න යන වැඩේ ගැන ඔයාගේ අදහස් කියන්න මේ කාර්්‍ය වඩාත් හොදින් කරගන්න ඔයාගේ උපදෙස් යෝජනා චෝදනා  අදහස් අපිට කියන්න ඔයා කැමතිනම් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න අපිට ඊ මෙල් කරන්න webwada@ gmail.com